
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙත එන්තරවාසියක් යවා ඇත.
මන්ත්‍රීවරයා සිය පොතක් එළිදැක්වීමේ උත්සවයේදී කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මෙම එන්තරවාසිය යොමුකර තිබේ.
සිය සේවාදායකයා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයකට හවුල් වූ බවට වීරවංශ මන්ත්‍රීවරයා විසින් අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කළ බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නීතිඥයන් මෙම එන්තරවාසියෙන් චෝදනා කරයි.
වීරවංශ මන්ත්‍රීවරයා 2023 අප්‍රේල් 25 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ‘නවය; සැඟවුණු කතාව’ පොත දොරට වැඩීමේ උත්සවයේදී කළ කතාවේදී මෙන්ම එම පොතේද අදාළ චෝදනා එල්ල කර ඇති බව එනතරවසියේ සඳහන් කර ඇත.
හිරු ටීවී නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනකදී සහ තවත් අවස්ථා රැසකදී මන්ත්‍රීවරයා මෙවැනිම ප්‍රකාශ කළ බවටද චෝදනා එල්ල වේ.
තමාට සහ ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළව මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මන්ත්‍රීවරයා මෙවැනි අශෝභන ක්‍රියාවන් හරහා ඔහුගේ දේශපාලන අරමුණු සපුරා ගැනීම ඉලක්ක කර ගෙන ඇති බවද එන්තරවාසියෙන් කියා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart