
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතාව දිනාගත් චෙන්නායි පිළට ඉන්දීය රුපියල් කෝටි 20ක් හිමිවිය. අනුශුරයන් වූ ගුජරාට් පිළට හිමිවූයේ ඉන්දීය රුපියල් කෝටි 2.5කි.
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන්ම වටිනාම ක්‍රීඩකයා සම්මානය හිමිවුණු ගුජරාට් පිලේ ෂුබ්මන් ගිල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ත්‍යාග මුදලක් පිරිනැමිණි. තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාව (85ක්), ශතක 03යි අර්ධ ශතක 04ක් ගිල්ගේ වාර්තා අතරට එක්ව තිබිණි.
තරගාවලියේ කඩුලු 28 ලබාගනිමින් වැඩිම කඩලුලාභියා වු ගුජරාට් පිළේ මොහොමඩ් සමි වෙත පිරිනැමුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 10කි.
තරගාවලියේ 183.48 ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගත් බැංග්ලොර් පිළේ ග්ලෙන් මැක්ස්වෙල්ට , වැඩිම දුරකට හයේ පහර එල්ල කළ (115 මිටර ) ෆප් ඩුප්ලෙසිස්ට,හොදම උඩපන්දුව රැකගත් ගුජරාට් පිළේ රෂිඩ් ඛාන්ට රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ත්‍යාග මෙවර පිරිනැමිණි.
අවසන් තරගයේ වීරයා චෙන්නායි පිළේ ඩෙවොන් කොන්වේට ඉන්දීය රුපියල් ලක්ෂ 05ක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart