
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට 2023 ජූනි 01 වැනිදා සිට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා හෝ ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහා ඔන්ලයින්(Online) ක්‍රමවේදයකට අනුව ඉල්ලුම් කළ හැකි බව පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අනාවරණය කරයි.
කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට සහභාගි වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව නිලධාරීහු එහිදී පෙන්වාදී ඇත.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා වූ අතර, එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කමිටු සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart