
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකු මහාධිකරණයට පත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විරෝධය පළකර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සිය අතෘප්තිය ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස වැඩ භාරගැනීම හේතුවෙන් ටිකිරි ජයතිලකට ඉදිරි ඕනෑම අවස්ථාවක අධිකරණ සභිකයකු ලෙස යළි වැඩ භාරගැනීමට නුසුදුස්සකු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ වත්මන් තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට, විශේෂයෙන්ම නඩු විභාග කරන අධිකරණවල විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට හානිකර බවට අධිකරණ සේවා සංගමය අනතුරු අඟවා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරියා පත්කිරීමට අදාළව, එම නිලධාරියා කනිෂ්ඨ නිලධාරියකු බවත්, එම පත්කිරීමෙන් අධිකරණ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළඟට සිටින අධිකරණ නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් අධිකරණ සේවා සංගමය පෙන්වාදෙයි.
ටිකිරි ජයතිලක මහාධිකරණයට පත්කිරීමෙන් වළකින ලෙසත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මහාධිකරණයට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය සළකාබලන ලෙසත් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart