
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා,බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරින් අයි.පි.එල්. අවසන් තරගය පැවැත්වෙන 28 වනදා ඉන්දියාවට පැමිණිමට නියමිතයි.
එහිදි ආසියානු කුසලානය පිළිබද සාකච්ජා කර නිවේදනයක් නිකුත් කිරිමට නියමිතව තිබේ.
පාකිස්තානයේ පැවත්විමට සැලසුම් කල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ විරෝධය හමුවේ තරග පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරීත්නයක් ගොඩනැගිණි.
මේ හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විමට ඉන් අනතුරුව යෝජනා වී තිබිණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට හැකිවූයේ නැත.
ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු කුසලාන තරග කිහිපයක් ඩුබායි හා අබුඩාබි නොව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පළකර ඇත.
තරගාවලිය සැප්තැම්බර් 02 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණි. ලබන 28 වනදා ශ්‍රී ලංකා,බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරින් ඉන්දියාව සමග සාකච්ඡා කර එදිනට ආසියානු කුසලානය ගැන අවසන් තීරණයක් ගනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart