
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇත.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 10ක කාලයකට අත්හිටුවනු ලැබ තිබේ.
ඉදිරි වසර 10 යහපත් හැසිරීමෙන් ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට තරයේ අවවාද කර ඇත.
කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ රුපියල් 1200ක වටිනාකමකට තක්සේරු කර ඇති පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart