
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙම ඡන්ද විමසීමේ පැවැති විශේෂත්වය වූයේ, සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර තිබියදීත්, ජනක රත්නායක ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 123ක් පමණක් ලබාගැනීමය.
මීට මාස 10කට පෙර 2022 ජූලි මාසයේදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමේදී, ආණ්ඩු පක්ෂ කණ්ඩායමට ඡන්ද 134ක් ලැබිණි.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත වූ අතර, ඊට පක්‍ෂව මන්ත්‍රීවරුන් 123 ක් සහ විපක්ෂව මන්ත්‍රීවරුන් 77 ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව එය ඡන්ද විමසීම පැවැත්විණි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහි පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර ඇත.
ජනක රත්නායක සහ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අතර විදුලි බිල සංශෝධන සහ විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම් කිහිපයක් මෙලෙස සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හේතුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart