March 7, 2025

සභානායක බිමල් රත්නායක අද ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ කරමින් කියාසිටියේ, විදේශ ජනමාධ්‍යය ආයතනයක් වන අල් ජසීරා සමඟ මෑතකදී කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිසේ ලැජ්ජාවට පත්වූ බවයි.

අමාත්‍ය බිමල් රත්නායක කියාසිටියේ, ෆෙරාරි බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපතිවරයා අල් ජසිරා සම්මුඛ සාකච්ඡාවේදී අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බවයි.

“අර ෆෙරාරි ලයිෂන් එකක් තියෙනවා කියපු එක්කෙනා අල් ජසීරා එකේ හැප්පිලා කුඩුපට්ටම් වෙලා.ඒකෙන් එතුමාගේ මොළයට සෑහෙන්න හානිවෙලා තියෙනවා. ඒ නිසා විකාර කියවනවා. ඒ නිසා එයාට අපි කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.”