
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ජූනි 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නව ඔන්ලයින් ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසන්නේ, නව ක්‍රමය යටතේ මහජනතාවට නිවසේ සිටම තම විදේශ ගමන් බලපත්‍ර සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍ය නොවන බවත්ය.
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, අන්තර්ජාලය ඔස්සේ පත්වීම් ලබාදීමේ ක්‍රමය පෙරේදා (17) සිට නවතා දැමූ බව ය.
අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් වෙත පැවරීමට නියමිත අතර, විදේශ ගමන් බලපත්‍ර සඳහා ගෙවීම් මාර්ගගතව හෝ ලංකා බැංකුව හරහා සිදු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart