
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුදේශ් නන්දිමාල් මේ සටහන් කර ගන්නේ සෙල්ලදුරේ යේසුරාජාගේ කතාව. යේසුරාජා ඉන්නේ බදුල්ලේ, දෙමෝදර. රැකියාව අම්පාර ප්රදේශයේ උක්වත්තක උක්ගස් කපන එක. යෙසුරාජාගේ බිරිදගේ නම ආර්.රාජකුමාරි. වයස 41, යේසුරාජා කියන විදිහට එයාගේ බිරිද සුදර්මා නෙත්තිකුමාරගේ ගෙදර වසරක පමණ කාලයක් සේවයේ යෙදිලා ඉඳලා තියෙනවා. පසුගිය 11 වෙනිදා යේසුරාජා තමන්ගේ බිරිදට කොල් එකක් ගනිද්දී බිරිද ඉඳලා තියෙන්නේ වැලිකඩ පොලිසියේ ඇය ඒ වෙලාවේ ඉතා අපසුවෙන් තමයි දුරකතනයට අමතලා තියෙන්නේ. තමන්ට පොලිසියෙන් පහර දෙන බවත්, ඇයව බේරා ගන්නාලෙසත් ඇය එහිදී දැනුම් දීලා තියෙනවා.
ඊට පසු දින නැවතත් වැලිකඩ පොලිසියට කතා කරද්දී යේසුරාජාට පොලිසියෙන් දැනුම් දීලා තියෙන්නේ බිරිද මිය ගිහින් කියලා. යේසුරාජා දන්න තරමින් බිරිද නිරෝගී කෙනෙක්. ඇය වැඩ කරපු නිවසේ මුද්දක් නැතිවීම පිළිබඳ බිරිදව සැක කරලා තියෙනවා. යේසුරාජටයි රාජකුමාරිටයි දරුවන් තුන්දෙනක් ඉන්නවා. ඔවුන්ගේ වයස 13, 11, 07 වනවා. ඒ පිළිවෙලින් දියණියක්, පුතෙක් සහ දියණියක්. මේ දරුවෝ තුන්දෙනා ජීවත් කරවන්න තමයි යේසුරාජ සහ රාජකුමාරි දෙතැනකට වෙලා රැකියාවන් කරන්න තීරණය කරේ.
දැන් තවදුරටත් යේසුරාජට රාජකුමාරි නැහැ. දරුවන් තුන් දෙනාට තමන්ගේ ආදරණීය අම්මා නැහැ. මේ කරුණු සම්බන්ධයෙන් අද අළුත්කඩේ අංක 04 ගරු මහෙස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කිරීමට නීතිඥ Manjula Pathiraja Namal Rajapaksha ඇතුලු අප කණ්ඩායමට හැකි වුණා.
(නීතිඥ ප්‍රබෝධ රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart