
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (17) ප්‍රකාශ කළේය.
ජෙරොම් ප්‍රනාන්දු සිය දේශන අතරතුර ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කරන ලෙසත්, ඔහුගේ මූල්‍ය ගිණුම් විමර්ශනය කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රහස් පොලිසියට නියෝග කර තිබියදීත් ඔහු මැයි 14 වැනිදා රාත්‍රියේ රටින් පිටව ගියේය.
මේ අතර, තමන් ලබන ඉරිදා ලංකාවට පැමිණෙන බව ජෙරොම් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත.
සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පණිවිඩයක් පළ කරමින් “හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart