
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ(16) සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ඇමැතිවරයා සඳහන් කරයි.
ඒ අනුව ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17) රැස්වීමට නියමිතය.
ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර කඩිනමින් ඇමැතිවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන බව ද ඖෂධ මිල පාලන ඒකකය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart