
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ කැසිනෝ ශාලා සඳහා ආයෝජනය කරන බව පවසමින් ව්‍යාපාරිකයකු රවටා රුපියල් කෝටි 25ක් වංචා කළ පුද්ගලයකු ඉන්දියාවේ බැංගලෝරයේ බසවේෂ්වර නගර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බනශංකරි ප්‍රදේශයේ පදිංචි රාමක්‍රිෂ්ණ රාඕ නමැති සැකකරු මීට පෙර ප්‍රබල මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රාහුල් තොන්ස් නමැත්තාගේ පියා බව පැවැසේ.
සැකකරුගේ පුත්‍රයා වන රාහුල් මේ වන විට ශ්‍රී ලංකාවේ සැඟවී සිටින බවට පොලිසිය සැකකරයි.
මෙම නඩුවේදී රාඕ නමැත්තාගේ බිරිඳ රාජේශ්වරී, දියණිය රක්ෂා තෝන්සේ සහ බෑණා වන චේතන් නාරායන්ට ද චෝදනා ගොනුකර ඇතැයි වාර්තා වේ.
විත්තිකරුවන්ට සාපරාධී විශ්වාසය කඩකිරීම සහ වංචා කිරීම යටතේ, නියාමනය නොකළ තැන්පතු යෝජනා ක්‍රම තහනම් කිරීමේ පනත උල්ලංඝනය කිරීම් සමඟින් චෝදනා ගොනුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart