
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඉන්දියාව බලා යමින් සිටියදී ගුවන් යානය තුළ තමන් මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීමක් පිළිබඳ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සිය මතකය අවදි කර තිබේ.
ඒ, අර්හාන් ඛාන්ගේ යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ විකාශය වූ පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ය.
එහිදී ඔහු මෙලෙස සිය අත්දැකීම පිළිබඳ විස්තර කර තිබේ.
“අපි ශ්‍රී ලංකාවේ පැවති අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ (IIFA) සම්මාන උලෙළට සහභාගී වෙලා ආපසු යමින් හිටියේ. ගුවන් යානයේ හිටිය හැමෝම විනෝදයෙන් සිනාසෙමින් කතාබස් කරමින් සිටියේ.
”එහෙත් එක්වරම යානය සෙලවෙන්නට වුණා. මුලදී, එය සාමාන්‍ය කැළඹීමක් සේ පෙනුනත් ඉක්මණින් ශබ්දය වැඩිවුණා. ඒත් එක්කම දැඩි නිශ්ශබ්දතාවයක් කුටිය පුරා පැතිර ගියා ”සල්මාන් සිහිපත් කළේය.
“සොහේල් සහ මම එකට වාඩිවෙලා හිටියේ. මම හැරිලා ඔහුව පරීක්ෂා කළා. මාව පුදුමයට පත්කරමින්, ඔහු දැඩි නින්දක හිටියේ. සිදුවෙමින් තිබුණේ කුමක් ද කියලා ඔහු දන්නේ නෑ.
”ඒත් එක්කම කැළඹීම නතර වෙන පාටක් තිබුණෙම නෑ. ඒක විනාඩි 45 ක් විතර එක දිගට තිබුණා.
මම ගුවන් සේවිකාවන් දෙස බැලුවා, ඔවුන්ගෙන් එක් කෙනෙක් ඇගේ ඇස් වසාගෙන, යාඥා කරමින් ඉන්නවා දැක්කා.
”මම මටම කියා ගත්තා, ‘අපොයි, මෙය බරපතලයි!’ කියලා
ගුවන් නියමුවන් සාමාන්‍යයෙන් සන්සුන් හැසිරීමක් පවත්වා ගෙන යන නමුත් ඔවුන්ගේ පවා එම අවස්ථාවේ නොසන්සුන් බවක් පෙනෙන්නට තිබුණා.”
එවිට එකවරම ඔක්සිජන් සපයන මුව ආවරණ ඉහළින් පහත වැටුණා. මම කම්පනයට පත්වුණා, මොකද මම ඒ වගේ දේවල් කවදාවත දැකලා තිබුණේ චිත්‍රපටවල විතරයි” යැයි සල්මන් ඛාන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart