
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය ලෙස සැළකෙන ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුමක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබේ.
එහි කොටසක් ලෙස එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලෝක ප්‍රකට මොනාලිසා සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙනයෑමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මෙම සැලසුම සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් විසින් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ලෝක ප්‍රකට නිර්මාණකරු ලියනාඩෝ ඩා වින්සිගේ මෙම විශිෂ්ටතම සිතුවම අභියස සිට සම්භාවනීය අමුත්තන්ගෙන් පිරි ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.
2031 වන විට හඳුන්වාදීමට නියමිත නව ප්‍රතිසංස්කරණ සමඟ මොනාලිසා සිතුවම නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් වෙනවෙනම ගාස්තු අයකර ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමට ද ප්‍රංශ රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති මැක්‍රොන් නිවේදනය කළේය.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ මෙම නව ව්‍යාපෘතිය මගින් ලූවර් කෞතුකාගාරය නරඹන්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමෙන් එල්ල වන පීඩනය සමනය කිරීම සඳහා දෙවැනි දොරටුවක් ඉදිකිරීම සැලසුම් කිරීම සඳහා සැලසුමක්ද පවත්වන බවයි.
ලබන ජනවාරියේ සිට ගාස්තු වෙනස් කිරීම් ද හඳුන්වාදීමට නියමිතව තිබේ.
ඊට අනුව යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන් (බ්‍රිතාන්‍ය සංචාරකයින් ද ඇතුළුව) වැඩි මුදලක් අයකර ගැනීමට නියමිතය.
එමෙන්ම ජනාධිපති මැක්‍රොන් ලුවර් හි අධ්‍යක්ෂ ලෝරන්ස් ඩෙස් කාර්ස්ගේ අනතුරු ඇඟවීමවලට ප්‍රතිචාර ලබාදෙමින් පවසා ඇත්තේ, කෞතුකාගාරය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යෑමෙන් එල්ල වන පීඩනයට සහ යටිතල පහසුකම් බිඳවැටීමේ බරපතල ගැටළුවලට තමන් මුහුණදී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart