
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් කලාපයේ රාජෝරි ප්‍රදේශයේ අද්භූත රෝගාබාධ කිහිපයක් පුද්ගලයන් 17 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයන්ගේ පවුල් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයන් 200 කට අධික පිරිසක් පූර්වාරක්ෂක පියවරක් ලෙස නිරෝධායනය කර ඇති බව නිරෝධායන නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත තිබේ.
ජීවිතය අහිමි වූ සියල්ලන් අතර පොදු රෝග ලක්ෂණ වාර්තා වී ඇති අතර, ඔවුන්ගේ මොළයට සහ ස්නායු පද්ධතියට හානිවී ඇති බව පැවැසේ.
මරණය පත් පවුල් සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් 200 කට අධික පිරිසක් රාජෝරි හි වෛද්‍ය විද්‍යාලය සහ රෝහලක ඇති නිරෝධායන මධ්‍යස්ථානයකට මාරුකර ඇති බව පැවැසේ.
රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස මෙම පුද්ගලයන් ගම්මානයෙන් ඉවතට ගෙනගොස් ඇති බව නිලධාරිහු පවසති.
රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානය බදාදා වන විට නිරෝධායන කලාපයක් ලෙස ප්‍රකාශ ,කර ඇති අතර, මරණවලින් පසු සියලුම පොදු සහ පෞද්ගලික රැස්වීම් සඳහා තහනම් නියෝග ක්‍රියාත්මක බව නිලධාරිහු පවසති.
මරණ සිදු වූ සියලු පවුල්වල නිවෙස්වලට මුද්‍රා තබා ඇත.
රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ අවසරයකින් තොරව පවුල්වල සමීප සාමාජිකයින්ට පවා මෙම නිවාසවලට ඇතුළුවීම තහනම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart