
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරය තුළ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීමට නොහැකි ලෙස දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන්නේ, ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති ආර්ථික හානිය සහ පාඩුව ඩොලර් බිලියන 50 ඉක්මවන බවයි.
කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වන දරුණුතම ලැව්ගින්නක් ලෙස මෙම ලැව්ගින්න ඉතිහාස ගත වන අතර, මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වේ.
හොලිවුඩ් හිල් ද ඇතුළුව ලොස් ඇන්ජලිස් හි සුපිරි නිවාස සහ ගොඩනැගිලි 1500 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද සඳහන් වේ.
නගරයේ ජල සැපයුම ද අඩාළ වී ඇති අතර ගිනි නිවීම සඳහා ද ජල ගැටළුව බලපා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ලැව්ගිනි තවදුරටත් පාලනය කර ගැනීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඒවා තවදුරටත් ජනාකීර්ණ ප්‍රදේශවලට පැතිර ගොස් සිදුවන ආර්ථික හානිය තවදුරටත් ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart