
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිදෙනකුට මරු කැදවමින් තවත් පනස් දෙදෙනකුට තුවාල සිදුකරමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදුවු මාරක බස් රථ අනතුර එහි රියදුරුගේ නොසැලකිලිකම මත සිදුවුවක් බවට මූලික පරික්ෂණවලදී හෙළිව ඇති බව හැටන් පොලිසිය පවසයි.
හැටන් සිට මහනුවර දක්වා 21වන දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව තානායම අසල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් පනස්දෙදෙනකු තුවාල ලබා, දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සිදුවු අවස්ථාවේදී එම අනතුරින් තුවාල ලැබු පිරිස එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථවාහනවලින් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත රැගෙන යෑමට හැටන් පොලිස්යේ නිලධාරින් හා ප්‍රදේශයේ ජනතාව විසින් පියවර ගන්නා ලදී.
මෙම අනතුරින් තුවාල ලැබුවන් රෝහල්ගත කිරිමෙන් අනතුරුව මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසා ඇත්තේ, හැටන් ප්‍රදේශයේදි සිදුවු බස් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකළ තුවාලකරුවන් අතරින් තිදෙනකු මියගොස් ඇති බවය.
සෙසු තුවාලකරුවන් අතරින් බරපතල තත්වයේ පසුවු තුවාලකරුවන් 07 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවත්, අනෙකුත් තුවාලකරුවන් මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා පවසා ඇත.
මෙම අනතුර හේතුවෙන් තුවාලකරුවන් අතර සිටි අවුරුදු 12ක දරුවකු, අවුරුදු 57ක් වයසැති පිරිමි පුද්ගලයකු හා අවුරුදු 58ක් පමන වයසැති කාන්තාවක් මියගොස් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම අනතුර එම බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් සිදුවු අනතුරක් බවට මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බව පොලිසිය පවසයි.
ඔහුගෙන් ප්‍රශ්න කිරිම්වලදී රියදුරු අසුන අසල දොර විවෘත වීමත් සමග, එම දොර වැසිමට තැත් කිරිමේදි බස් රථය පෙරළුණු බව පවසා ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර එම බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පෙනියන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවත්, මෙම අනතුර පිළිබඳව පුළුල් ලෙස වැඩි දුර පරික්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart