
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 14 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් බහුතරයක් මැතිවරණ ප්රචාරක වියදම් නීතිවලට අනුකූලව තම මූල්‍ය ප්‍රකාශන භාරදී ඇති බව වාර්තා වේ.
එම වාර්තා භාරදීමට දී තිබූ කාලය සිකුරාදායින් අවසන් විය.
මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,800න් 7,846ක් සිය මූල්‍ය ප්‍රකාශන භාර දී ඇති අතර තවත් ප්‍රකාශයන් ලියාපදිංචි තැපෑලෙන් පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ ප්රචාරක වියදම් නීතිය යටතේ නියමිත කාලසීමාවට අනුකූලව ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සහ පක්ෂ අතර අවසන් මොහොතේ දැඩි තදබදයක් ඇති වූ බව ද වාර්තා වේ.
සිකුරාදා වන විට පක්ෂ 493කට අදාළ ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ලැබී තිබිණි.
මෙම වාර්තා සකස් කර මහජන සමාලෝචනයට ලබා දීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
ඒ සම්බන්ධ ප්‍රශ්න ඇත්නම් නම් පොලිසියට හෝ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව තිබේ.
“මේ පනත හදිසියේ ගෙනාපු නිසා අපි යම් යම් අඩුපාඩු හඳුනාගෙන තිබෙනවා. ඒවා ගළපමින් ඉන්නේ. පනතට සංශෝධන ගෙන ඒම තවත් මැතිවරණ දෙක තුනකින් පසුව සළකා බලයි,” යනුවෙන් සභාපතිවරයා පවසා තිබේ.
ඔහු පවසන්නේ මෙම වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පනතේ විශේෂ ආකෘතියක් සඳහන් කර ඇති අතර, මැතිවරණයට පෙර මැතිවරණ කොමිසම දෙවරක් මැතිවරණ ප්රචාරක ආදායම් වියදම් වාර්තාව ගොනු කිරීමේ ක්‍රියාවලිය පක්ෂ ලේකම්වරුන්ට පැහැදිලි කළ බවයි.
මැතිවරණ කොමිසමට වාර්තා ලබාදීමට අපොහොසත් වන පුද්ගලයන්ට එරෙහිව ජනාධිපතිවරණයේදී මෙන්ම පොලිසිය ද පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.
ජනාධිපතිවරණයෙන් පසු නීති නොපිළිපැදීම සම්බන්ධයෙන් නඩු 13ක් පවරා ඇත.
කෙසේවෙතත්, විශාල නඩු සංඛ්‍යාවක් හැසිරවීම ප්‍රායෝගිකව පොලිසියට පවා අභියෝගාත්මක විය හැකි බව සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart