
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ආසන හා වාහන අමතර කොටස් බහාලුමක සඟවා ජපානයේ සිට මෙරටට එවන ලද ආනයන බලපත්‍ර නොමැති ටෝයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවට සඳහන් නොකර මෙම මෝටර් රථය ආනයනය කර ඇති අතර, එම මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 24ක් පමණ බැව් වාර්තා වේ.
මෙමගින් රුපියල් මිලියන 20 ක පමණ මුදලක් රජයට ආරක්ෂා කර ගැනීමට හැකිවී ඇත.
ගෙවීගිය වසර පහක පමණ කාලයක් තුළ මෙවැනි මෝටර් රථ 200 ක පමණ කොටස් ලෙස කපා මෙරටට ගෙන ඒමේ දී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ ඒකකය මගින් සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart