
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලට යොදාගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පවසයි.
ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බව ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදාගැනීම අපි ජනවාරි 01 වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි. මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart