
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්පාර, කාර්තිව් මාවඩි පල්ලිය අසළ පාලම අසළින් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගැණිනි.
ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් ළමුන් 06 දෙනකු අතුරුදන් විය.
තවත් ළමුන් 04 දෙනෙකු සහ ට්‍රැක්ටරයේ රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇත.
නින්දවුර් මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් ඊයේ (26) පස්වරුවේ නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 14 දෙනකු ගමන් කරමින් සිට තිබේ.
ට්‍රැක්ටරය ජල පහරකට හසුව පෙරළුණු අවස්ථාවේහි සිටි ළමුන් 5 දෙනකු බේරාගත් බව පොලිසිය සඳහන් කරයි.
නාවික හමුදාවේ, කිමිදුම්කරුවන් විසින් අතුරුදන් වූ ළමුන් සෙවීමේ කටයුතුවල නිරතව සිටි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart