
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නව ආණ්ඩුවේ අමාත්‍යවරු පිරිසක් හමුව තිබේ.
තම ආණ්ඩුව විසින් දිනාගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත වරක් තහවුරු කර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබාගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක්කර ඇති අතර, නව ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳාපවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කර තිබේ.
ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳවද සළකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිට ඇත.
තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබාදීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතිකවී තිබේ.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කර ඇති අතර, සම්පත් කාර්යක්ෂමව වෙන්කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකද, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම යන අයද, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගීවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart