
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් නවසීලන්තයට එරෙහි තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දෙයි.
නිදහස් කළ ක්‍රීඩකයන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නවසීලන්තය සමග එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර, දෙරට අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට පස්වරු 2.30ට පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
දකුණු අප්‍රිකාව සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 27 වැනිදා ආරම්භ වේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දසදෙනකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය අතර, ඔවුන් පසුගිය 13 වැනිදා සිට පුහුණු කඳවුරකට එක්ව තිබේ.
ටෙස්ට් තරගාවලියට යන අනෙක් ක්‍රීඩකයන් ලබන 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart