
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ලොහාන් රත්වත්තේ දෙසැම්බර් 02 දක්වාත් ඔහුගේ බිරිඳ නොවැම්බර් 22 දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්‍ෂණයකදී රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන නිවසක තිබී අංක තහඩු නොමැති වාහනයක් සොයාගැනීමෙන් අනතුරුව රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.
එම නිවස රත්වත්තේගේ බිරිඳට අයත් එකක් බව පරීක්‍ෂණ කළ පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත්තේ, එම ඉඩමේ තිබූ වාහනය සොයාගැනීමෙන් පසුවය.
එම අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ කියාසිටියේ මහනුවරදී සියදිවි නසාගෙන මියගිය තම සම්බන්ධීකරණ ලේකම්වරයා තමාට නොදන්වා මෝටර් රථය එම නිවෙසට රැගෙන ආ බවත්, වාහනයේ හිමිකරු තමා නොදන්නා බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මුලදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ බිරිඳද පොලිස් භාරයට ගැනීමෙන් පසු අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart