
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2020 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් 37 දෙනෙකුට පමණක් යළි පාර්ලිමේන්තුවට පිවිසීමට ජනතාව වරම් ලබා දී ඇති බැවින් ප්‍රථම වරට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 160 දෙනෙකු නව පාර්ලිමේන්තුවේදී දැකගත හැකි වනු ඇත.
මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජාතික ජන බලවේගයෙන් නවකයන් 100කට වැඩි පිරිසක් පැමිණ ඇත.
අනෙකුත් නවකයන් යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් සහ ස්වාධීන කණ්ඩායම අංක17න් වන අතර තවත් නවක මන්ත්‍රීවරයකු සර්ව ජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
නැවත තේරී පත්වූවන් අතර ඩී වී චානක, රෝහිත අබේගුණවර්ධන, සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, හරිනි අමරසූරිය, විජිත හේරත්, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරිකාර්, මුජිබර් රහ්මන්, රෝහිණී කවිරත්න, කවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක, ජේ. සී. අලවතුවල, සෙල්වම් අඩේකලනාදන්, එස්. සීතාරම්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ශානක්‍යන් රසමානිකම්, රිෂාඩ් බදියුදීන්, කාදර් මස්තාන්, කෝනේෂ්වරන්, ඉම්රාන් මහරුෆ්, රවුෆ් හකීම්, දිලිප් වෙදආරච්චි, හෙක්ටර් අප්පුහාමි, රෝහණ බණ්ඩාර, කිංග්ස් නෙල්සන්, චමින්ද විජේසිරි, චාමර සම්පත් දසනායක, හේෂා විතානගේ, සුමිත් සංජය පෙරේරා, පී.දිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන් යන පිරිස සිටිති.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
2020 වසරේ සිට සභාව නියෝජනය කළ ඇතැම් මන්ත්‍රීවරුන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත.
බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රසන්න රණතුංග, මහින්ද රාජපක්ෂ, වජිර අබේවර්ධන, විමල් වීරවංශ, ෂෙහාන් සේමසිංහ, නාලක ගොඩහේවා, අලි සබ්රි, චමල් රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න, සී.වී.විග්නේෂ්වරන්, ගාමිණී ලොකුගේ සහ චම්පික රණවක ඊට ඇතුළත් වේ.
මේ අතර පසුගිය පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් දීර්ඝ කාලයකට පසු නැවත පැමිණි තවත් පිරිසක් වෙති.
කේ. ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුනෙත්ති, ලක්ෂ්මන් නිපුණආරච්චි, නලින්ද ජයතිස්ස, නිහාල් ගල්ලප්පත්ති, වසන්ත පියතිස්ස, නාමල් කරුණාරත්න, වසන්ත සමරසිංහ සහ සමන්ත විද්‍යාරත්න ඊට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart