
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජේක් පෝල් හමුවේ තමන් පරාජය වුවද තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත් එය තම අවසන් තරඟය බවත් ජනප්‍රිය බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන් පවසා තිබේ.
58 හැවිරිදි ඔහු සෙනසුරාදා ටෙක්සාස් හි පැවති තරඟයකදී 27 හැවිරිදි පෝල් හමුවේ පරාජය විය.
“මෙය පැරදුණුත් ජයග්‍රහණය කළ අවස්ථාවලින් එකක්. ඊයේ රාත්‍රියට මම කෘතඥ වෙනවා. බොක්සිං වළල්ලට මම ආවේ අවසන් වරට කියලා පසුතැවීමක් නැහැ. මම බොහෝ දුරට ජුනි මාසයේදී මිය ගිහින් හිටියේ. රුධිර පාරවිලයනය 8ක් කරන්න වුණා. මගේ රුධිරයෙන් අඩක් සහ රාත්තල් 25ක් රෝහලේදී අහිමි වුණා. මේ සටන වෙනුවෙන් නිරෝගී වීමට මට සටන් කිරීමට සිදු වූ නිසා මම ජයග්‍රහණය කරලයි තියෙන්නේ. පිරීගිය ඩලස් කව්බෝයි ක්‍රීඩාංගණයේ මගේ දරුවන් ඉදිරිපිට මගේ වයසින් අඩක් වන දක්ෂ සටන්කරුවකු සමඟ මම වට 8ක් නිමා කරනු මගේ දරුවන්ට දැකීමට ලැබීම කිසිම මිනිසකුට ලබා ගත නොහැකි අත්දැකීමක්,” යනුවෙන් ටයිසන් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
ජේක් පෝල්, ටයිසන්ගේ සටහනට ප්‍රතිචාර දක්වමින් ලියා ඇත්තේ “ආදරෙයි මයික්. එය මට ගෞරවයක් වුණා. ඔබ අප සැම දිරිගන්වන්නෙක් සහ පොළඹවන්නෙක් .”යනුවෙනි.
ටයිසන් මෙම තරඟයට සහභාගී වීම මගින් ඩොලර් මිලියන 20ක් පමණ උපයා ගත් බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart