
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ (2025) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 වැනිදා සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙවර වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 1574 දෙනකු ලියාපදිංචි වී තිබූ නමුත් වෙන්දේසිය සදහා ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රීඩකයන් 574 දෙනෙකු පමණක් බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරන ලදි.
ඉන් 366 දෙනෙකු ඉන්දීය ක්‍රිඩකයන් වේ.
208 දෙනකු විදේශීය ක්‍රිඩකයන් වන අතර, 2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසීය සදහා ක්‍රිඩකයන් 19 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වැඩිම මූලික ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය සඳහා වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුළත් කර කර ඇත.
IPL සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙසේය;
01 වනිඳු හසරංග
02 මහීෂ් තීක්ෂණ
03 විජයකාන්ත් වියස්කාන්ත්
04 කුසල් මෙන්ඩිස්
05 කුසල් පෙරේරා
06 නුවන් තුෂාර
07 ජෙෆ්රි වැන්ඩර්සේ
08 පැතුම් නිශ්ශංක
09 භානුක රාජපක්ෂ
10 කමිඳු මෙන්ඩිස්
11 දුෂ්මන්ත චමීර
12 චරිත් අසලංක
13 දුනිත් වෙල්ලාලගේ
14 ඩිල්ෂාන් මධුශංක
15 දුෂාන් හේමන්ත
16 දසුන් ශානක
17 ලහිරු කුමාර
18 එෂාන් මාලිංග
19 දුමිඳු සෙව්මිණ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart