
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
200 වැනි අන්තර්ජාතික පන්දුවාර විස්ස තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එම තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට වඩා පැය භාගයක් ප්‍රමාද වී ආරම්භ විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වු ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19යි පන්දු 3 කදී ලකුණු 108 කට සීමාකිරීමට සමත් වු අතර, වනිඳු හසරංග කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වූහ.
අනතුරුව ලකුණු 109ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05 කදී කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 103ක් පමණි.
ඒ අනුව ලකුණු 05ක තියුණු ජයක් නවසීලන්තයට හිමිවූයේ තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය එකට එකක් ලෙස සමකරමිනි.
හුදකලා සටනක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 52කට දැවීගියේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ යොමුකළ ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවක් හමුවේය.
එම පන්දුවාරය තුළ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 08ක් අවශ්‍යව තිබූ අතර පැතුම්ට අමතරව මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දවාගනිමින් ෆිලිප්ස් නවසීලන්තයට නොසිතූ ජයක් හිමිකර දුන්නේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදි ප්‍රබල පීඩනයක් එල්ල කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලුකි ෆර්ගසන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංකගේ කඩුලු දවාගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart