
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 22 කට පසු ඓතිහාසික එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබාගැනීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද සමත්විය.
ඕස්ට්‍රෙලියාවට එරෙහිව ඕස්ට්‍රෙලියාවේදී පාකිස්ථාන කණ්ඩායමක් 2002 වසරින් පසු මෙම එක්දින තරග ජය වාර්තා කළේ, මොහොමඩ් රිස්වාන්ගේ නායකත්වය යටතේ සහභාගි වූ පළමු එක්දින තරගාවලියේදී වීම විශේෂත්වයකි.
දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ මෙල්බර්න්හිදී පැවැති පළමු තරගය ඕස්ට්‍රෙලියාව ජයගත්තද, ඇඩිලේඩ් සහ පර්ත් හි පැවැති තරග දෙක ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
අද පර්ත් හි පැවති තුන්වැනි එක්දින තරගයේදී ඕස්ට්‍රේලියාව පන්දුවාර පන්දුවාර 31යි පන්දු 05ක් තුලදී ලකුණු 140කට දැවීගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 05කදි කඩුලු 02ක් දැවී ලකුණු 143ක් ලබාගනිමින් එම තරගය ජයගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart