
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ශ්‍රී ලංකාවේ BRICS අයැදුම්පත ප්‍රතික්ෂේප කර ඇත’ යනුවෙන් ඇතැම් දේශීය ජනමාධ්‍යවල පළ වූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
තානාපති කාර්යාලයට අනුව, ශ්‍රී ලංකාවේ අයැදුම්පත තවමත් සමාලෝචනය වෙමින් පවතින අතර BRICS සංවිධානයේ සභාපතිත්වය දරන රුසියාව ශ්‍රී ලංකාවේ උනන්දුව පිළිගෙන තිබේ.
BRICS සාමාජිකයන් අතර එකඟතාවයකින් අයැදුම්පත සහ අනෙකුත් අයැදුම්පත් සමඟ සළකා බලන බවත්, ශ්‍රී ලංකාවේ අයැදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා වැරදි බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.
‘BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඇතැම් දේශීය මාධ්‍යවල පළ වූ සාවද්‍ය සහ නොමග යවන වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
2024 ඔක්තෝබර් 7 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව, BRICSහි සහ නව සංවර්ධන බැංකුව (NDB) සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කළේ ය. ශ්‍රී ලංකාවේ කැමැත්ත පළ කරමින් BRICS සාමාජික රටවල් වෙත විදේශ කටයුතු ගරු අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම් දුන්නේ ය. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානුට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.
2024 ඔක්තෝබර් 22-24 රුසියාවේ කසාන් නුවර පැවති BRICS Outreach සමුළුවේදී, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායිකාව ලෙස සහභාගී වූ විදේශ ලේකම් අරුණි විජේවර්ධන ශ්‍රී ලංකාවේ කැමැත්ත එහිදි ප්‍රකාශ කළාය.
වර සමුළුවේදී, BRICS සාමාජික රටවල් විසින් නව හවුල්කාර රටවල් කාණ්ඩයක් ද සම්මත කර ගත්තේ, ‘BRICS සඳහා ගෝලීය දකුණේ රටවල උනන්දුව පිළිගැනීමටයි’ (Kazan Declaration). ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් BRICS සාමාජිකත්වය සඳහා කර ඇති ඉල්ලීම් BRICS සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බැලීමට නියමිත ය.
නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ කැමැත්ත නව සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබීය. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මෙරට අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව අවශ්‍ය කටයුතු සහ කාලය සමාලෝචනය කිරීමට නියමිත ය.
එබැවින් “ශ්‍රී ලංකාවේ BRICS අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත” යනුවෙන් ඇතැම් දේශීය මාධ්‍යවල පළ වූ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැත. 2024 නොවැම්බර් 6 වැනි දින කැබිනට් මාධ්‍ය ප්රකාශනයේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු වැරදි ලෙස අර්ථකතනය කිරීම පිළිබඳව කණගාටු වෙමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart