
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20-20 තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.
පන්දුවට පහරදීමේදී මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ සැක් ෆෝක්ස් නොදැවී ලකුණු 27ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 136ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කදුලු 6ක් දැවී ජයග්‍රහණය අත්කර ගත්තේය.
පන්දුවට පහරදීමේදී චරිත් අසලංක ලකුණු 36ක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart