
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය බදාදා එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හි පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරඟයේදී මතභේදාත්මක ලෙස පිටියෙන් පිටතට පැමිණීම හේතුවෙන් බටහිර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරඟ දෙකක තහනමක් පනවා තිබේ.
සත්කාරක කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසු එංගලන්ත ඉනිමේ සිව්වැනි ඕවරයේදී පිටියේ වෙනසක් සම්බන්ධයෙන් ජෝසප් නායක ෂායි හෝප් සමඟ බහින්බස්වීමක් සිදුවිය.
එම ඕවරයේදීම අල්සාරි ජෝසප් කිසිවකුට නොදන්වා පිටියෙන් ඉවත්ව ගිය අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවුයේ ක්‍රීඩකයන් 10 දෙනකු සමගිනි.
වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතීන්ට අනුව හැසිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවන ලද බව බටහිර ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
“මම නායක ෂායි හෝප්ගෙන්, මගේ කණ්ඩායමේ සගයන්ගෙන් සහ කළමනාකාරිත්වයෙන් පෞද්ගලිකව සමාව අයැද සිටිමි” යනුවෙන් පසුව 27 හැවිරිදි ජෝසප් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart