
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා බදුල්ලේදී සිදුවූ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස්රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් මීට පෙර මාස 05කට අත්හිටුවා ඇති බව අද අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.
අක්මීමන පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ල ලබුදූව ප්‍රදේශයේදී ඔහු පැදවූ බස් රථය සහ යතුරුපැදියක් අනතුරට ලක්කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 04 වැනිදා ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ තොරතුරු අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (නොවැ 5) ඉදිරිපත් කරන ලදී.
උඩුගම, දම්මල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු, තම බලපත්‍රය නැතිවූ බවට හිනිදුම පොලිසියට අසත්‍ය වාර්තා කර ඇති අතර පසුව ඒ වෙනුවට නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇත.
බදුල්ලේදී අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සතුව තිබී ඇත්තේ මෙලෙස වංචනිකව ලබාගත් රියැදුරු බලපත්‍රය බව පැවැසේ.
මෙම තොරතුරු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ දැනට සැකකරු සන්තකයේ ඇති රියදුරු බලපත්‍රය රඳවා තබාගෙන අධිකරණ භාරයට පත්කරන ලෙස නියෝග කර තිබේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් පසුගිය සිකුරාදා (නොවැ. 01) මාර්ගය හරහා පෙරළීමෙන් පසුගියදා සිදුවූ මාරක බස් රථ අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මියගොස් 40 දෙනකු තුවාල ලැබීය.
අනතුර සිදුවීමට ටික වේලාවකට පෙර සිසුන් රැගත් බස් රථය අධික වේගයෙන් ධාවනය වූ ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් මෝටර් රථයක ඩෑෂ් කැම් දර්ශන මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart