
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමු ‘ලංකා T10 සුපර් ලීග්’ තරඟාවලියේ ආරම්භය 2024 නොවැම්බර් 10 වැනි දින කොළඹදී සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තරගාවලියේ තරග දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් හයක් තරගාවලියට සහභාගී වීමට නියමිතය.
අවම වශයෙන් ක්‍රීඩකයන් 15 දෙනකු සහ උපරිම වශයෙන් ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් කණ්ඩායමක් විසින් නම්කළ යුතුය.
කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය නොවැම්බර් 1 වැනිදායින් අවසන් වේ.
ක්‍රීඩකයන් තෝරාගැනීමේ අවස්ථාවලදී පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 35,000, ඩොලර් 20,000, ඩොලර් 10,000 ආදී වශයෙන් දේශීය සහ විදේශීය ක්‍රීඩකයෙක් වෙනුවෙන් ගෙවීමට කණ්ඩායම්වලට අවස්ථාව හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart