
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමාජිකයන් 25 කට අඩු සංඛ්‍යාවකින් සමන්විත විධිමත් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමේ අභිප්‍රාය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ඔහු දේශපාලනය කෙරෙහි වැඩෙන මහජන කලකිරීම පිළිබඳව අදහස් පළකරමින්, වත්මන් දේශපාලන පරිසරය සදාචාර විරෝධී භාවිතයන් මගින් කිලිටි වූවක් ලෙස හඳුන්වාදුන්නේය.
කළුතර ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“කාලයක් තිස්සේ දේශපාලනය ව්‍යාපාරයක් ලෙස සැළකුවා. පාර්ලිමේන්තුවේ අපි දකින දේ බොහෝ විට සංදර්ශනයකට සමානයි. මන්ත්‍රීවරුන් එහා මෙහා පැනීම, මිරිස් කුඩු ගැසීම, පිහි ගෙනඒම සහ සභා ගර්භයේ කඩාකප්පල්කාරී හැසිරීම් වල යෙදීම දැකගත් හැකිවුණා.
ඖෂධ සම්බන්ධ සොරකම් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට (කෙහෙළිය රඹුක්වැල්ලට) එරෙහිව පසුගියදා ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් ගැන සඳහන් කරමින්, නීති සම්පාදකයන් වගවීමෙන් ආරක්ෂා කිරීම තවදුරටත් විවේචනය කළේය. ‘නීති කඩකරන්නන් සහ කප්පම්කරුවන්’ ගහන පාර්ලිමේන්තුවක් ගැන ඔහු විස්තර කළේ, දේශපාලන පරිසරය ‘අප්‍රසන්න හා දූෂිත’ වී ඇති බවයි.
මෙම පසුබිම තුළ, නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය, පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ‘ජාතික ශ්‍රමදානයක්’ සනිටුහන් කරන බව ජනාධිපති දිසානායක ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායකය පිරිසිදු කිරීමේ උත්සාහයක් ලෙස මෙම මුලපිරීම සලකන ලෙස ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart