
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල ජාතිකයින්ට එල්ලවේ යැයි කියන ආරක්ෂක තර්ජන හමුවේ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති අතර, පුහුණු සැසියට පෙර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සෝදිසි මෙහෙයුම් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කර ඇත.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින තරඟය හෙට පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් දෙකම අද පුහුණු සැසි ක්‍රීඩාංගනයේදී පැවැත්වූහ.
මේ අතර ඊශ්‍රායල සංචාරකයන්ට නවාතැන් සපයන මහනුවර නගරයේ හෝටල් කිහිපයක ආරක්ෂාව තර කිරීමටද පොලිසිය කටයුතු කර තිබේ.
මහනුවර පොලිස් කොට්ඨාශයට අයත් හෝටල්වල නවාතැන් ගැනීමට පැමිණෙන විදේශීය සංචාරකයන් පිළිබඳ දෛනික වාර්තා ලබාගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.
හෝටල්වලට ලබාදී ඇති ආරක්‍ෂාවට අමතරව අඛණ්ඩ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක බවද හෙතෙම ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart