
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ධනය ආගමික වස්තූන් මෙන් ආරක්ෂා කළ යුතු බවත්, එම ධනය වංචාවට හෝ දූෂණයට ලක්කිරීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
පුරවැසියන් තෘප්තිමත් කරන කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවයක් බිහිකිරීමට වත්මන් රාජ්‍ය සේවකයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට තමන් සූදානම් බවද සඳහන් කරයි.
මෙම ජනවරමේ ව්‍යුහය, ඉලක්ක සහ අපේක්ෂාවන් ඉටුකිරීමට රාජ්‍ය සේවකයන් වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියාකළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබාදීමට තම දේශපාලන නායක කණ්ඩායම සූදානම් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
නිල රාජකාරි සීමාව තුළ මහජන යහපත වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියාවකටම තමන් පෙනීසිටින බවත්, අයථා ක්‍රියාවන් සිදුවුවහොත් අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ අද (ඔක් 15) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
මෙම හමුවේදී බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් ව්‍යාපෘති සහ ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක සහ පුළුල් සමාලෝචනයක් සිදුකර ඇත.
ඉදිරි වසර තුනක කාලය තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මහජනතාවට ලබාදිය හැකි කෙටිකාලීන සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබාදී ඇති බව ජනාධිපති දිසානායක එම හමුවේදී පෙන්වාදී ඇත.
බලශක්ති අමාත්‍යාංශය ආදායම් උපදවන එකක් බවත්, ඉහළ ඉපැයීම් හේතුවෙන් සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳව සමාජයීය සාකච්ඡා පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂාවෙන් ඡන්දය ලබාදුන් බවත්, එම ජනවරම ඉටුකිරීමට කැපවන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart