
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL607 දරන ගුවන් යානය සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් සිටියදී කපිතාන්වරයා විසින් එහි පළමු නිලධාරිනිය නියමු කුටියෙන් පිටතට දමා අගුළු දැමීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ පුවතක් වාර්තා වේ.
කෙසේවෙතත්, මෙම සිදුවීම සිදු වූයේව ඇත්තේ, මීට මාසයකට පෙරය.
මූලාශ්‍රවලට අනුව, එය වැසිකිලි විවේකයක් අතරතුර ඇති වූ මතභේදයක් මත සිදුව ඇති ඇතති අතර එමගින් මගීන් සහ කාර්ය මණ්ඩලය කනස්සල්ලට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසන්නේ, සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාල අංශ විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි.
ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන අතර, විමර්ශන වාර්තාව ලැබෙන තෙක් කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart