
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර පොලිසිය පවසයි.
මිය යන විට, ඒ මහතා 76 වන වියේ පසුවිය.
ඩබ්ලිව්.බී.ඒකනායක දියවැඩියාව රෝගයෙන් පෙළුණු අයකු බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදුවන අවස්ථාවේදී ඔහු පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක විසින් සිදුකරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකරන ලෙසට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart