
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ.
ඒ, තරගාවලියේ සහභාගි වූ තුන්වැනි තරගයේදී ඉන්දියාව හමුවේ ඊයේ (09) පරාජයට පත්විමත් සමගයි.
ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර එය මෙවර කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.
ඒ් අනුව ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 82ක ජයක් හිමිවිය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට අමතරව පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව හමුවේ ද පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart