
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා හිටපු පාලනය විසින් පිහිටුවන ලද ‘ජාතික මහජන සභාව’ අත්හිටුවීමට නව රජය තීරණය කර තිබේ.
පසුගිය රජයේ ව්‍යාපෘති තුනක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පත් කළ නිලධාරීන්ගේ සහ උපදේශකවරුන්ගේ සේවය අවසන් කිරීමට ද රජය පියවර ගෙන ඇත.
නව පරිපාලනයට අනුව 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකී නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට ඇමැති මණ්ඩල තීරණයක් ගෙන ඇත.
ජනාධිපති කාර්යාලය යටතේ ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය’ හා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ‘ජාතික ජන සභා ලේකම් කාර්යාලය’ ස්ථාපිත කිරීමට සහ ‘කෘෂි කර්ම නවීකරණ වැඩසටහන’ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන මීට පෙර ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරින් හෝ උපදේශකයන් පත් කරනු ලැබ තිබිණි.
එම කාර්යාලවලින් බලාපොරොත්තු වන මෙහෙයුම් සහ අදාළ අමාත්‍යාංශවල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින් පසුගිය රජය විසින් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත පත් කළ නිලධාරීන්ගේ හෝ උපදේශකවරුන්ගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
අදාළ නිලධාරීන්ගේ/ උපදේශකවරුන්ගේ සේවය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
එම කැබිනට් තීරණය තහවුරු කරමින් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් ජාතික මහජන සභාව පිළිබඳ කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ අමාත්‍යාංශ හරහා බිම් මට්ටමින් එම සේවාවන් සිදුකෙරෙන බැවින් එම සභාව දැනට අවශ්‍ය නොවන බවයි.
“ජාතික මහජන සභාව පිහිටුවා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයන් පත් කළේ මේ පසුබිම තුළයි. එබැවින් එය මේ මොහොතේ අනවශ්‍ය යැයි සළකන නිසා එය අත්හිටුවීමට සහ පත් කළ අයගේ සේවය අවසන් කිරීමට රජය තීරණය කළා, ” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart