
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව අගමැතිනිය වන හරිනි අමරසුරිය අගමැති ධුරයට පත් කොළඹ බිෂොප් විද්‍යාලයේ පළමු ආදි ශිෂ්‍යයාව බවට ප්‍රකාශ වුවද එය වැරදි වැටහීමක් බව ඉතිහාසඥයෙක් පෙන්වා දී තිබේ.
ඒ අනුව බිෂොප් විද්‍යාලයේ ආදි සිසුන් ලෙස අගමැති ධුරයට පත් වූවන් අතර ජේ.ආර්.ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ ද සිටින බව එම ඉතිහාසඥයා ප්‍රකාශ කර ඇත.
ඔවුන් දෙදෙනා ප්රකටව සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවන් ලෙස වුවත් කෙටි කලක් බිෂොප් විද්‍යාලයේ දී ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති බව පැවසේ.
එසේම බොහෝ දේශපාලන විචාරකයන් විසින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ග්‍රාමීය පසුබිමකින් රාජ්‍ය නායකයා වූ පළමුවැන්නා ලෙස හැඳින්වුවද එයත් නිවැරදි නොවන බව පෙනී යන්නේ හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග ද ග්‍රාමීය පාසල්වලින් අධ්‍යාපනය ලබා තිබීම හේතුවෙනි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැතිවරණ කොට්ඨාසයේ ගමක ජීවත් වූ විජේතුංග වලගල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ඉන් අනතුරුව ගම්පොල ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
ඔහුගේ පළමු රැකියාව ලෙස පොලිසියේ කොස්තාපල්වරයකු වශයෙන් සේවය කර ඇති අතර පසුව සමුපකාර පරීක්ෂකවරයකු බවට පත්ව තිබේ.
ඔහු දේශපාලන ජීවිතය ආරම්භ කළේ එවක සෙනෙට් සභාවේ සභාපති ඒ.රත්නායකගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසය.
ග්‍රාමීය පසුබිමකින් ජනාධිපති ධුරයට පත් වූ දෙවැන්නා මෛත්‍රීපාල සිරිසේනය.
ඔහු වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ නම් ගම්මානයේ ඉපිද පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේ දෙවැනි ලෝක යුද්ධයේ දී සේවය කළ තම පියාට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසල කුඹුරු අක්කර පහක් ලබා දීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart