
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමඟ කටයුතු කිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කර තිබේ.
ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් අතර ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පත්කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එච්.එම්.කේ.ජේ.බී. ගුණරත්නයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක විසින් ප්‍රධාන ලේකම්වරුන්ට යවන ලද ලිපියක් මගින් දන්වා ඇත්තේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා පළාත් සභා යොදා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත්, එම අරමුණ පෙරදැරි කරගෙන සම්බන්ධීකරණ නිලධාරියකු පත්කිරීමට තීරණය කර ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart