
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ ඩයට් සභාව හෙවත් එරට පාර්ලිමේන්තුවේ 214 වැනි විශේෂ සැසිවාරය විවෘත කිරීම සඳහා නරුහිතෝ අධිරාජ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා එරට නව ඇමැති මණ්ඩලය සමඟ නව අගමැති ෂිගෙරු ඉෂිබා හමු වී තිබේ.
ශ්‍රී ලංකා නව රජය වෙනුවෙන් තානාපති පෙරේරා ජපානයේ නව අගමැතිවරයාට සහ මැති ඇමැතිවරුන්ට උණුසුම් සුබ පැතුම් එක් කර ඇත.
එහිදී පසුගියදා තේරී පත් වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත ජපාන ඇමැතිවරු ද සිය සුබ පැතුම් එක් කර තිබේ.
අගමැති ඉෂිබාට සුබ පැතුම් එක් කරන අතරතුර ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන පැහැදිලි කිරීමට තානාපති පෙරේරා කටයුතු කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාවේදී තේරී පත් නොවූ බව අගමැති ඉෂිබා දැනගත් විට, ඔහුගේ පිළිතුර වී ඇත්තේ “හොඳයි, ඒක නරක නැහැ; ජපානයේ අගමැති ධුරයට තේරී පත්වීමට මට පස් වතාවක් උත්සාහ කිරීමට සිදු වුණා” යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart