
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් බිලියන 300ක බදු පියවීමට ඇති මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ බදු පැහැර හරින්නන්ට වසර අවසන් වන විට එම බදු ගෙවන ලෙසත් නැතහොත් ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට සහ බැංකු ගිණුම් අත්හිටුවීමට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව(IRD) අවසන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුපියල් බිලියන 100ට අඩු බදු මුදලක් එකතු වී ඇති විශාල බදු ගෙවන්නන් සහ ඉහළ ආයතනික බදු කාණ්ඩවලට අයත් වන ව්‍යාපාර විසින් ඔක්තෝබර් 25 වැනිදා වන විට එම ගෙවීම් කළයුතු අතර ඊට වඩා වැඩි හිඟ මුදල් ගෙවීමට ඇති පිරිසට දෙසැම්බර් 25 දක්වා කාලය ලබා දී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසා ඇත.
මෙලෙස ගෙවීමට එකතු වී ඇති බදු වන්නේ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් වන අතර, විශාල සහ ඉහළ ආයතනික බදු කාණ්ඩවලට වැටෙන බදු ගොනු හිමියන් 1500 දෙනා අතරට නොගෙවන අයගෙන් තුනෙන් දෙකක් ඇතුළත් බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
වසර අවසන් වන විට මෙම මුදල අයකර ගතහොත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඉලක්කය වන රුපියල් බිලියන 2024 සපුරාලිය හැකිය බව චන්ද්‍රසේකර පවසා තිබේ.
ගෙවීම් පැහැර හරින අයට ලිඛිතව නොතීසි යවා ඇති අතර සමහර අය කැඳවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය දැනුම් දී ඇති බව ද ඇය සඳහන් කර ඇත.
ඇය පවසා ඇති පරිදි ඇතැම් අය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනුම්දීම් නොසළකා හැර රැස්වීම් සඳහා පැමිණීම හෝ දුරකථනවලට පිළිතුරු දීමෙන් වැළකී සිටිති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අනතුරු ඇඟවූයේ මෙම කාලසීමාවන් දීර්ඝ කිරීමක් සිදු නොවන නිසා ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ දේපළ රාජසන්තක කර බැංකු ගිණුම් ද අත්හිටුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart