
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ ආරම්භ වූ පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 31කින් පරාජයට පත්විය.
‘සාජාහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලුදෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත්විය.
චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු තුන බැගින් ලබාගත්හ.
කෙසේවෙතත්, පාකිස්තාන කාන්තා කණ්ඩායම ලබාදුන් ලකුණු 117ක පහසු ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.
නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත්වූහ.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය ඕ ස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග අනිද්දා (05) සාජාහිදි පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart