
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදුවිය.
ඒ අනුව, අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර, එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් අද දිනම රැගෙනගොස් තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් සම්පූර්ණ වාහන 15ක් අද දින මෙලෙස ආදළ ආයතනවලට නැවත ලබාදීම සිදුකර ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, අතිරේක ලේකම් මහේෂ් හේවාවිතාරණ ඇතුළු පිරිසක් එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart