
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙ සකච්ඡා කිරීමට මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ ප්රමුඛ පෙළේ චිත්‍රපට අධ්යක්ෂවරුන් දෙදෙනෙක් 2024.09.15 දින අරලියගහ මන්දිරයේදී අගමැතිය දිනේෂ් ගුණවර්ධන හමුව තිබේ.
මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බව ඔවුන් පවසා තිබේ.
ඉතිරි රූගත කිරීම් කේරළ, දිල්ලි සහ ලන්ඩන් යන ප්‍රදේශවල සිදු කිරීමට නියමිතය.
“වසර 20 කට පසු මමූටි සහ මෝහන්ලාල් චිත්‍රපටයක එකට රඟපාන පළමු අවස්ථාව මෙය වන අතර එය නිසැකවම වාර්තාගත චිත්‍රපටයක් වනු ඇතැයි අධ්යක්ෂ මහේෂ් සනදහන් කරයි.
ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේ ස්ථානයක් ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළකර ඇති අගමැතිවරයා, එය රටට විදේශ විනිමය ගෙන ඒමට පමණක් නොව ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීමට සුදුසු ස්ථාන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වන බව පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart