
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තඹුත්තේගම පොලිස් මූලස්ථාන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින හතරක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පැවැසේ.
ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරින් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැන ගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කකරයි.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහත දී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් සේවයේ නිරතව සිටිය කලක් විදේශගතව සිටි ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පවසා සිරිකොත මුලස්ථානයට ඉදිරිපත් කර තිබූ අභියාචනයකට අනුව එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය දේශපාලන පළිගැනීමවලට ලක්වූවන් පිළිබඳව සොයාබැලීමට පත්කර සිටි කමිටුව මගින් යළි සේවයේ පිහිටු වීමට නිර්දේශ කර තිබුණේ සේවයට නොපැමිණි කාලය පඩි රහිත කාලයක් ලෙස සළකාය.
කැබිනට් මණ්ඩලයේ නිර්දේශයක් මත ඔහු යළි සේවයේ පිහිටුවා තිබුණේ 2015 වසරේදීය.
මේ අතර තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පැපොල රෝගය වැළඳී ඇති බව පොලිස් පොතේ සටහනක්ද යොදා එම රෝගය වෙනුවෙන් දින දාහතරක කාලයක් සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ පසුගිය මස 20 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart